පහත විසතරය කියවා, ඔබගේ ගැටලුවලට ප්‍රවීනයින්ගෙන් වෘතීයමය මට්ටමේ පිළිතුරු ලබාගන්න පහසුම ක්‍රමය ඉගනගන්න
ගැටලුවක් ඉදිරිපත් කිරීමේදී සමූහයේ නීතිරීති වලට එකඟව ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න. ඔබගේ ගැටලුව සරලව හැදින්වෙන කෙටි මාතෘකාවක් යෙදීමේන් ඔබට සාර්ථක පිළිතුරු ලබා ගතහැක. ඔබගේ ගැටලු වලට සමූහයේ අන් සාමාජිකයින් හෝ සමූහයේ වෘතීය මට්ටමේ උපදෙශක වරුන්ගෙන පිළිතුරු ලබාගත හැක. නමුත් ලබාදේන විසදුම් පිළිබඳව වෙබ් අඩවිය මගින් වගකියනු නොලැබේ.
හැකි සෑම විටම සිංහල භාවිතා කරන්න.
ඔබගේ පසුව සඳහා සිංග්ලිශ් ලියනක් ද මෙහි අන්තර්ගතව ඇත.
ඉදිරිපත් කර ඇති ගැටළු වලට ඔබගේ දැනුමෙන් පිළිතුරු ලබාදිය හැක. ඔබ ලබාදෙන පිළිතුර නිරතුරු 100% නිවැරදි විය යුතු නැත. නමුත් එවැනි අවස්ථාවලදී ගැටලුව ඉදිරිපත් කල පුද්ගලයන්ට පිළිතුර සාර්ථක වියහැකියව යම් ඉඟියක් ලබාදිය යුතුයි. නමුත් කිසිම විටෙක ගැටලුව ඉදිරිපත් කල පුද්ගලයා නොමග යවන සුළු පිළිතුරු ඉදිරිපත් නොකළ යුතුයි.
ඔබ පිළිතුරු ලබාදීමට භාවිතා කල යම් මුලාශ්‍රයක් වෙතොත් එයද ගැටළු හිමියාගේ සහ අන් සාමාජිකයින්ගේ දැනගැනීම පිණිස සඳහන් කල හැක.
හොඳම පිලිතුර ලෙස පිලිතුරක් ඔබ විසින් තෝරාගත් පසු, ඔබට එය නැවත වෙනස් කල නොහැකි අතර වෙනත් පිළිතුරක් හොඳම පිළිතුර වශයෙන් තේරීමටද නොහැක. තවද මෙම ගැටලුවට වැඩිදුර පිළිතුරු ලබාදීමටද අන් සාමාජිකයන්ට නොහැක. එම නිසා ඔබේ ගැටලුවට විසඳුම ලබා ගත් හොඳම පිලිතුර යැයි හැඟෙන පිළිතුර පමණක් හොඳම පිළිතුර ලෙස තෝරන්න.
පිළිතුරු හෝ ගැටලු වලට ඔබට ඡන්දය ප්‍රකාශ කල හැක. යම් පිලිතුරක් හෝ ගැටලුවක් ඔබට වැදගත, ප්‍රයොජනවත් යැයි හැඟුනොත් ඔබට ධන ඡන්දයක් (vote up) ද, පිලිතුර හෝ ගැටලුව නිශ්ප්‍රයෝජනවත් හෝ අදාල නොවන්නේ යැයි හෝ හැඟුනොත් ඔබට සෘණ ඡන්දයක් (vote down) ද ප්‍රකාශ කල හැක.
ඔබ ලබාදේන ඡන්දය අනුව ගැටලුව හෝ පිලිතුර ඉදිරිපත් කල සාමාජිකයන්ට ලකුණු ප්‍රදානය කෙරේ.
තවද පිළිතුරු වලට ඔබ ලබා දේන ඡන්ද ගැටලුව ඉදිරිපත් කල සාමාජිකයාට හොඳම පිළිතුර තෝරාගැනීමට රුකුලක් වේ.
ඔබ විසින් ඉදිරිපත් කරන ලද ගැටලුවකට, ලබාදුන් පිළිතුරු හා සබැඳි ගැටලුවක් වෙතොත්... ඒ පිළිබඳව පිළිතුර ලබා දුන් සාමාජිකයාගේන් විමසීමට මෙය යොදා ගන්න. ඔබට ලබාදී ඇති පිළිතුරු වල ස්තුති කිරීමට, ප්‍රශන්සාකිරීමට මෙය යොදා නොගන්න. ඔබ පිළිතුරු වලට ලබාදේන ඡන්දය ඒ සඳහා සෑහේ.
ඔබගේ වටිනා දැනුම සමූහය සමඟ බෙදා-හදා ගැනීමට ගරු කිරීමක් වශයේන්, අන් සාමාජිකයින් විසින් ඔබට ලබා දෙන ඡන්ද, ඔබේ පිළිතුරු හොඳම පිළිතුරු වශයෙන් තේරීම ආදියට ඔබට ලකුණු ප්‍රදානය කෙරේ.
ලකුණු පදනම් කරගෙන සාමාජිකයින් ශ්‍රේණිගත කරන අතර, ලකුණු තලයේ ඉහලට යත්ම විශේෂ වරපරසාද හිමිවේ.
හොඳම පිලිතුරට තේරී පත්වීම සඳහා ලකුණු 15ක් ද, ඔබ විසින් ඉදිරිපත් කරන ලද ගැටලුවකට ලැබේන ධන ඡන්ද සඳහා ලකුණු 3ක් ද, පිළිතුරකට ලැබේන ධන ඡන්ද සඳහා ලකුණු 5ක් ද වශයෙන් එකතු වන අතර, සෘණ ඡන්ද සඳහා ලකුණු අඩු වේ.
Answer.lk වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ අතිශය පෞද්ගලික ගැටළු (ලිංගික ගැටළු, මානසික ගැටළු, පවුල් ගැටළු... ) උවද ඔබගේ නම හෙළි නොකර නිර්නාමිකව, ඉතා විවෘර්තව සාකච්චා කර සැහීමකට පත්විය හැකි පිළිතුරක් ලබාගත හැකි අකාරයටයි.
ඔබට මෙම පින්තුරයේ ආකාරයට ගැටළු නිර්නාමිකව ඉදිරිපත් කල හැක. නමුත් මෙම පහසු කම ඔබගේ පෞද්ගලිකත්වය සැඟවිය යුතු අත්‍යවශ්‍ය අවස්ථා වලදී පමණක් භාවිතා කරන.